දැනට සුලබව භාවිත වන ඊසීජී පරීක්‍ෂණය හරහා ප්‍රධාන පෙළේ හෘදයාබාදයක් හඳුනාගත හැකි වුවද එම පරීක්‍ෂණයට ජීවිතයට තර්ජනයක් විය හැකි පොදු හා කුඩා හෘදයාබාදයන් හඳුනා ගැනීමේ හැකියාව නොපවතී.
පහසුවෙන් සිදු කළ හැකි රුධිර පරීක්‍ෂණයක් හරහා පුද්ගලයෙකුට හෘදයාබාදයක් වැළඳ ඇත්දැයි නිශ්චිතවම විනාඩි 20 ක කාලයක් තුළදී අනාවරණය කර ගතහැකි බව එක්‌සත් රාජධානියේ ලන්ඩන් නුවර කිංග්ස් විද්‍යාලයේ පර්යේෂකයෝ පවසති.
පපුවේ වේදනාව හට ගන්නා රොගීන්ගෙන් 2/3 කට හෘදයාබාදයක් වැළඳී නොමැති බව බටහිර වෛද්‍ය පර්යේෂණවලදී අනාවරණය වී ඇති අතර මෙම නව රුධිර පරීක්‍ෂණය වන “සීමයිසී” පරීක්‍ෂණය මගින් වෛද්‍යවරයාට විනාඩි 20ක් ඇතුළතදී හෘදයාබාදයක් වැළඳී නොමැති අයෙකු හඳුනාගෙන ඔවුන්ව නිවෙස්‌වලට පිටත් කර යෑවීමට හැකිවන බව පර්යේෂකයෝ පෙන්වා දෙති.
දැනට සුලබව භාවිත වන ඊසීජී පරීක්‍ෂණය හරහා ප්‍රධාන පෙළේ හෘදයාබාදයක්a හඳුනාගත හැකි වුවද එම පරීක්‍ෂණයට ජීවිතයට තර්ජනයක් විය හැකි පොදු හා කුඩා හෘදයාබාදයන් හඳුනා ගැනීමේ හැකියාව නොපවතී.
දැනට පපුවේ වේදනාවක් හට ගැනුනද ඊ.සී.ජී. පරීක්‍ෂණය හරහා හෘදයාබාදයක් වැළදී නොමැති බව තහවුරු කරන ලද අයට “ට්‍රොපොනින්”නමැති රුධිර පරීක්‍ෂණය සිදු කළ ද හෘදයවස්‌තුවේ මාංශ පේශියට හානි සිදුව ඇත්දැයි දැන ගැනීම සඳහා එය පැය තුනකට පසු නැවත සිදු කිරීමට නිර්දේශ කෙරේ.
පර්යේෂකයන් හඳුන්වා දී ඇති “සීමයිසී” (කාඩියෑක් මයෝසින් – බයින්ඩින් ප්‍රොaටීන් සී)
රුධිර පරීක්‍ෂණයේදී ට්‍රොපොනින් පරීක්‍ෂණයට වඩා හෘදයාබාදයක් වැළදුණු අයෙකුගේ රුධිරය වේගවත්ව ඉහළ නැඟීමක් පෙන්නුම් කරන බව පර්යේෂකයෝ කියා සිටිති.
මෙම නවතම රුධිර පරීක්‍ෂණය හා ට්‍රොපොනින් පරීක්‍ෂණය ස්‌විට්‌සර්ලන්තය, ඉතාලිය හා ස්‌පාඤ්ඤය යන රටවල දරුණු පපුවේ වේදනාවක් පවතින රෝගීන් 2000 ක් සම්බන්ධයෙන් අත්හදා බැලූ විට නවතම පරීක්‍ෂණය සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන බව තහවුරු වී ඇත.
මෙම හෘදයාබාදයක් වැළඳී ඇත්දැයි කෙටි කලකින් හඳුනාගත හැකි රුධිර පරීක්‍ෂණය ඉදිsරි වසර කිහිපය තුළදී බටහිර රටවල රෝහල් සේවාව හඳුන්වාදීමට නියමිතය.
No comments:
Post a Comment