අපේ මිහිතලයේ බත්ගස නමින් විරුදාවලිය ලත් කොස් ගසින් ඵල දරන කොස් ගෙඩිය ඉදුණු පසු වරකගහේ ගෙඩි වරකා නමිනුත් වැලගසින් හටගෙන ඉදුණුq ගෙඩිය වැල වශයෙනුත් හඳුන්වනු ලැබේ. වැලගෙඩියත් වරකා ගෙඩියත් ගස මතට නැඟගත් පුද්ගලයා ලණුවක ගැට ගසා ගසින් පහළට බිමට බාගනුයේ දැඩි ආයාසයෙනි. එසේ ලණුqවේ ආධාරය නොමැති කැඩුවහොත් බිමට වැටෙන වරකා ගෙඩිය තැළී පොඩිවී යනු ඇත. වැල ගෙඩියක් වුණොත් වැල ගෙඩිය බිමට වැටෙනවාත් සමග කෑලි කෑලිවලට වෙන්ව විහිදී විසිරී යනු දැක ගැනීමට සිදුවේ.
කොස් ගහේ ගෙඩි ඵලදාව හටගෙන ඵලනෙළා පාරිභෝජනයට ගැනීමට හැකිවනුයේ භාග්‍යයෙන් පිරි බක් මාසයේත් වෙසක්, පොසොන්, ඇසළ මාසවලදීය.
වැලමදුලත් වරකා මදුලත් මියුරු මී පැණියෙන් රසයෙන් ආඪ්‍යවූ ශාරීරික ශක්‌තියක් ලබාදෙන වස විසෙන් තොර ඉතාමත්ම ප්‍රියජනක පලතුරකි. මෙම කොස් ඉදෙන්නට පෙර අපේ රටේ පැරණි ග්‍රාමීය ජනතාව කොස්‌මදුළු සහ ඇට තම්බා බත් වෙනුවට තුන්වේලම ආහාර ලෙස අනුභව කර දවස පිරිමසාගෙන ඇති බවට සාධක පවතී. දésණ ලංකාවේ මොරවක, දෙණියාය, අකුරැස්‌ස, වලස්‌මුල්ල, කිරම, කටුqවන, ඌරුබොක්‌ක, රම්මලේකන්ද, බෙලිඅත්ත, ගැටමාන්න, මිද්දෙණිය, ගල්පොත්තයාය, හොරවින්න යන ප්‍රදේශවලත් රත්නපුර, කුරුවිට ප්‍රදේශවලත් ඉතා බහුල ලෙස කොස්‌ගස් වගාව ව්‍යාප්තව තිබේ. එම ප්‍රදේශවාසීන් කොස් තැම්බීමේදී දේශීය ඖෂධයක් වන මැල්ල කොළ අහුරක් කොස් හැළියට යොදා තම්බා ගැනීමට අමතක කර නොමැත. එයට හේතු සාධකය වී ඇත්තේ මැල්ල කොළ යෙදීමෙන් කොස් ඇටේත් මදුලෙත් රසවත් භාවයත් කොස් අනුභවයෙන් පසු ඉක්‌මනින් දිරවීමත්, බඩේ වාතය හිරවීම වැළැක්‌වීමත්, කුසගින්න දැල්වීමක් ඇති කරන නිසාය.
වැලත් වරකත් ඉදුණු සුවඳින් හමන සුළඟ ගෙවතු ගම් දනව් සුවඳවත් කරද්දී දිවා රෑ දෙක වවුලන්ට , ගිරවුන්ට, ලේනුන්ට, දඬුලේනුන්ට, රිළවුන්ට, කොස්‌ගස් රජදහනක් බවට පත්වූවා යෑයි කීවොත් එය අතිශයෝක්‌තියක් නොවනු ඇත. ඵල දරන කොස් ගස් වල පැණි වරකා වල, පැණි වැලවල පැණි උරා බීමට එක්‌රොක් වුණ වවුලන් රෑ තිස්‌සේ හඬ තළද්දී ගැමි ගෙවල්වල අයට රෑ නින්ද අඩපණ කරලීය. ඉදුණු වැල ගෙඩියට වරකා ගෙඩියට මී මැස්‌සන් රංචු පිටින් පියඹා සිටිනු දැකීමට තිබුණි. වැල වරකාවල සුවඳ සුළඟට මුසුව සුවඳක්‌ව හමා යද්දී ගමේ ගව රංචු කොස්‌ගස්‌යට ලැඟුම්ගෙන සිටිනු දක්‌නට ඇත.
අතු පතර විහිදී ඉතා විශාල ලෙස මෙම කොස් ගස් වැඩෙති. ගෙවල්වල දොර ජනෙල් යටලී රීප්ප සඳහාත් මේස පුටු සෑදීම සඳහාත් වසර සීයයකට වඩා පැරණි කොස් ගස් කපා ඉරවා ගනු ලබයි.
මෙම විශේෂිත වූ වරකත් වැලත් ග්‍රාමීය වැසියන් ලුණුවතුර ඉස, ගම්මිරිස් කුඩු ඉස උදාරාබාධ ඒදොa කියා සැකකොට ආහාරයට ගනිති.
වරකා සහ වැලගෙඩි තීරු වශයෙන් දිගට කපා එහි වහල්ල ඉවත්කර මදුලු ගලවා ආහාරයට ගනු ලැබේ. ලංකාවාසීන්ට විදේශවල සිට මෙරටට පැමිණෙන විදේශීය අයටත් වැල වරකා මිහිරි පලතුරක්‌ව පවතී. වෙළෙඳපොළෙන් ගෙඩියක් රුපියල් දෙසීයකට පමණ ලබාගත හැකිය.
අපේ ගරුතර මහා සංඝරත්නය පොරවන සිවුරට පොවන පඬු සකස් කර ගන්නේද වරකා ගහේ මුල්වලිනි.
ඉදුණු කොස්‌ගෙඩියේ ඉදුණු පැණි බේරෙන හමන සුළඟ වැල සුවඳින් පෙදෙස සුවඳවත් කෙරෙන වැල ගෙඩියක වේලක් අනුභව කළ ගමේ ගොවීන් සිටියාහ. එලෙස අනුභව කළ අය නිදුක් නිරෝගී සුවයෙන් අවුරුදු එකසිය අට, දහය තරම් කාලයක් රෝගාතුර නොවී ලෙඩ ඇඳට පාත්‍රනොවී යහතින් වැජඹුqණුqq අයුරු මා සියෑසින් දුටුවෙමි.
සුදු අධිරාජ්‍යවාදීන් අපේ රටේ කොස් වෙනුවට රබර් සිටෙව්වෝය. ආදි අපේ පෙර සිංහලයා හෙරළි බතල ටික කා වැඩුණා.
පැරණි කවියක්‌ද සිහිකරමි. හෙරළි යනුවෙන් පැරණි සිංහලයා කොස් හඳුන්වාලීය. කොස්‌වලට හෙරළිගම ව්‍යවහාර වන්නේ සංස්‌කෘත භාෂාවෙනි.
වැල සහ වරකාවල පවත්නා ගුණාත්මකභාවය ආයුර්වේදයට අනුරූපවන ආකාරය
වැල වරකා දෙකෙන්ම ආමාශය සහ (බඩවැල්) කුඩා අන්ත්‍ර සහ මහා අන්ත්‍ර පිරිසිදු කිරීම එහි වියළි ස්‌වභාවය මැඬ පවත්වා තෙත් ගතිය ඇති කිරීම ගනු ලබන ආහාරවල ඉක්‌මනට දිරවීම ආහාරවල ශාරය ඉක්‌මනට ශරීරයට උරාගැනීමට අවශෝෂණය කර ගැනීමට පිටුවහල්වීම අධෝමාර්ගය වේදනාවකින් තොරව මළ පහ පිටකිරීමට උපකාරී වීම. අක්‌මාව ශක්‌තිමත් කිරීම, ශාරීරික ධාතු පුෂ්ටිය ඇති කිරීම, බෙලහීනවූ ශරීර ඇත්තවූවන්ට ශරීර ශක්‌තිsය ලබාදීම. ශරීර ස්‌ථුල කිරීම, ශරීරය සෝභමානවත් කිරීම, කිරි මවුවරුන් කිරි එරීම වැඩිවීම, කිරි පිරිසිදු කිරීම, දරුවන් බිහිකිරීමේදී ගැබිනි මාතාවන්ට අපහසුතාවකින් තොරව දරුවා බිහිකිරීමට ශක්‌තිය ලබාදීම, මතක ශක්‌තිය වැඩිකිරීම, ආයුෂ වැඩි කිරීම, ධාරණ ශක්‌තිය වැඩි කිරීමටද ආයුර්වේදීය වශයෙන් ගුණාත්මකභාවය ලෙස සඳහන් කරන අතර පිළිකා රෝග මර්දනයටද බෙහෙවින් ඉවහල්වේ.
ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ පලතුරු සංවර්ධන වැඩ සටහනට දිරිදීමක් ලෙස මෙම ලිපි පෙළ පළ කරන ලදී.
No comments:
Post a Comment