සුපිරි වෙළෙඳසැල් කාර් පාක් එකේ සිටි සුරූපී තරුණිය දිහා බලාගෙන ත්‍රීවීල් තරුණයාගේ අසැබි හැසිරීම! - SL Gossip 24

SL Gossip 24

හතර වටෙන් අැහෙන ගොසිප් එකම තැනකින්..

Post Top Ad

Responsive Ads Here

Tuesday, October 24, 2017

සුපිරි වෙළෙඳසැල් කාර් පාක් එකේ සිටි සුරූපී තරුණිය දිහා බලාගෙන ත්‍රීවීල් තරුණයාගේ අසැබි හැසිරීම!

සුපිරි වෙළෙඳසැල් කාර් පාක් එකේ සුරූපී තරුණිය දිහා බලාගෙන
ත්‍රීවීල් තරුණයාගේ අසැබි හැසිරීම


ලංකාවේ තරුණියන් අපයෝජනයට ලක්වීම ගැන නිරන්තරයෙන් ලැබෙන ආරංචි අතර වෙනස් විදිහක සිදුවීමක් පසුගියදා කොළඹ කිට්ටුව සුපිරි වෙළෙඳ සැලකදී වාර්තා විය.
තම මව වෙළෙඳ සැලට ගොස් බඩු මිලට ගෙන එනතුරු රථ ගාලේ වාහනයේ රැඳී සිටි සුරූපි තරුණියකට මෙම අමුතු සිද්ධියට මුහුණපාන්නට සිදුව තිබුණි. ඇය දෙස කන්න වාගේ බලා සිටි ත්‍රීවිල් තරුණයා 
ගැන ඇයට මුලදී ගාණක් තිබී නැත. නමුත් ඔහු ඉන් පසු දුර සිට හැසිරෙන්නේ අසභ්‍ය ආකාරයටයි. වාහනයේ ඩෑෂ් කැම් එක මේ දේවල් සජීවී ලෙස පටිගතවීම් සිදුකරමින් සිටින බව ඔහු දැන සිටියේ නැත. ඇය ඔහු වෙත එය හැරවූ පසු ඔහු ලජ්ජාවට පත්ව එතැනින් හීන්සීරුවේ මාරු වෙයි.
මේ සිද්ධිය ගැන ඇය ඉංග්‍රීසි බසින් ෆේස් බුක්හි තබා තිබුණ සටහනේ පරිවර්තනයක් පහතින්


” අද උදේ මම අපේ අම්මා ආපිකෝ එකේ බඩු අරන් එනකං කාර්පාක් එකේ වාහනේ නවත්ගෙන හිටියා. මම දැක්කා එක මිනිහෙක් ටිකක් අමුතු විදිහට හැසිරෙනවා. ඒත් මං ලොකුවට හිතුවේ නැහැ මොකද මම හිටියේ ආපිකෝ එකේ පාකින්ග් එකේ නිසා. ඒත් මම වැරදි. මගේ වාහනයට එහා පැත්තේ නවත්තලා තිබුන වාහනය ගත්තහම මේ මනුස්සයා එයාගේ ත්‍රිවිල් එක ගෙනත් මගේ කාර් එකට එහායින් නැවැත්තුවා. මම මගේ ෆෝන් එක ඔබාගෙන හිටපු නිසා හොරෙන් වගේ ඔහු දිහා බැලුවේ. වුනේ මොකක්ද කියලා මං කියන්න ඕනේ නැහැ.

වීඩියෝ එක බලන ඕන කෙනෙක්ට ඒක තේරුම් ගන්න පුළුවන්. මුලින් මං හිතුවේ මං ඒක නොසලකා හිටියොත් ඒ මනුස්සයා යයි කියලා. ඒත් අයි කාන්තාවන් වන අපිම හැමවෙලේම පසුබසින්නේ ? මම එවලේම මගේ වාහනේ සවිකරලා තිබුණු කැමරාව අරුගේ පැත්තට හරවලා රෙකෝඩ් කරගත්තා. ඔහු එම සිද්ධිය දැක්ක ගමන් එකපාරටම එතනින් පිටව ගියා. මම එවෙලම අදාළ පුද්ගලයාගේ වාහනේ අංකය අරන් පොලිසියට ගිහින් පැමිණිල්ලක් දැම්මා. “ ඔයාලා මෙහෙම ඇඳගෙන යන නිසයි මේ මිනිස්සු මෙහෙම හැසිරෙන්නේ “ කියලා කියන අයට මේක හොඳ පාඩමක් වෙයි. අනවශ්‍ය විදිහට මිනිස්සුන්ට චෝදනා කරන එකෙන් බැහැර වෙන්න.

ඔයාලටම පේනවා මම හිටියේ වාහනේ ඇතුලේ. මං සංවර විදිහට ඇඳගෙන හිටියේ. මම මේක බලාපොරොත්තු වුනේ නැහැ. මම නෙවෙයි කිසිම කාන්තාවක් මෙවැනි සිද්ධියක් බලාපොරොත්තු වන්නේ නැහැ. මේ පාර මේ මිනිහා වැරදි කාන්තාව තමන්ගේ ගොදුර බවට පත්කරගැනීමට උත්සහ කරේ.

කැමරාවක් වාහනේ සවිකරගෙන ගියපු කාන්තාවකටයි මෙදා පාර ඔහු ගොදුර කරගත්තේ. බොහෝ වෙලාවට අපේ කාන්තාවන් මේ සිද්ධි නිසා පොලිසියට යන්න බය වෙනවා. පැකිලෙනවා. මෙවැනි දෑ නොසලකා හරින්න එපා. කුමක් හරි කරන්න. හැමවෙලේම ඔබේ දුරකථනය අතේ තියාගෙන මෙවැනි සිදුවීමක් සිදුවෙනකොට රෙකෝඩ් කරන්න. ඒක පොලිසියට බාර දෙන්නේ. නැත්තම් අන්තර්ජාලයට මුදාහරින්න. ”

ඇය පළකර තිබු වීඩියෝව පහතින් 

No comments:

Post a Comment

Post Bottom Ad

Responsive Ads Here