සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැති දෙවෙනි විස්සයි විස්ස තරගයෙන් කඩුලු අටක විශිෂ්ඨ ජයග්රහනයක් ලබා ගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුනා. ඒත් සමගම තරග දෙකකින් යුත් විස්ස විස්ස තරගාවලිය 1-1ක් ලෙස සම වී අවසන් විය.
කෙසේ වෙතත් තම රටේදී ලැබු මෙම පරාජය දරා ගත නොහැකි වූ අශීලාචාර ඉන්දියානුවන්ගේ හැසීරීම මහත් ආන්දෝලනයට තුඩු දී තිබෙනවා.විරාත් කෝලීගේ ඉන්දීය කණ්ඩායම පරාජය වීමත් සමග සංවිධානය වූ ඉන්දියානු රසිකයන් ගල් මුල් වලින් ඕස්ට්‍රේලියා කණ්ඩායමට සහ ඔවුන් රැගත් බස් රථයට පහර දීම අරඹා ඇත.
මෙම ගල් මුල් ප්‍රහාරය නිසා කණ්ඩායම රැගත් බස් රථයේ වීදුරු කුඩු වී බස් රථය තුලට ගල් වැදී තිබෙනා නමුත් හැකි ඉක්මනින් එම ස්ථානයෙන් බස් රථය ඉවත් කර ගත් රියදුරුගේ දක්ෂතාවය නිසා මෙම පහර දීමෙන් කිසිදු ඕස්ට්‍රේලියානූ ක්‍රීඩකයෙකුට අනතුරක් සිදුව නොමැති බවද ආරංචි වේ.
කෙසේ වෙතත් තමන් රැගත් බස් රථය වට කර ගෙන පහර දෙන අශීලාචාර ඉන්දීය ජාතිකයන්ගේ පහර දීමෙන් ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ක්‍රීඩකයන් අධික ලෙස බියට පත්ව ඇත.
සිය ට්විටර් ගිණුමට සටහනක් එක් කරන ඕස්ට්‍රේලියා ආරම්භක පිතිකරු ඒරෝන් ෆින්ච් පවසා තිබුනේ බස් රථය තුලට ගල් වැටෙනා නිසා බියට පත්ව සිටිනා බවයි. කෙසේ වෙතත් ඉන්දියානුවන්ගේ මෙම අශීලාචාර හැසිරීම ලොව පුරා ක්‍රිකට් රසිකයන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබුණි.
එම අවස්තාවේ ඡායාරූප පහතින්,
No comments:
Post a Comment