විවිද ක්රියාවන් වලට ඔබගේ දුවා දරුවන් යොමු කරද්දී මිට වඩා ඔබත් ඔබගේ දරුවන් ගැන විමසිලිවන්ත වෙන්න අමතක කරන්න එපා මෙවැනි පාපතරයන්ගෙන් ඔබගේ දරුවන් බේරාගන්න
බද්දේගම ප්රදේශයේ කරාටේ පන්තියකට පැමිණි සිසුවියක් නිරුවත් කළ කරාටේ ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධියට මුහුණ දී ඇති සිසුවිය 12 හැවිරිදි දැරියක්.
පන්තිය නොපැවෙත්වෙන දිනක කරාටේ ගුරුවරයා විසින් එම සිසුවිය පුහුණුව සඳහා ගෙන්වාගෙන ඇති අතර එදින ඇය තනිව පැමිණි අවස්ථාවේ දී මෙය සිදුවී ඇති බව යි වාර්තා වන්නේ.
සිසුවිය පැමිණි පසු ඇයව නිරුවත් කොට ඇති ගුරුවරයා දැරියට ලිංගික අතවර සිදුකිරීමට උත්සහ ගෙන තිබෙනවා.
සිද්ධිය ගැන කිසිවකුට හෝ පවසා තිබුණහොත් තමා මරා දමන බවට ගුරුවරයා තර්ජනය කළ බවයි සිසුවිය පවසා ඇත්තේ.
කරාටේ ගුරුවරයාගේ තර්ජනයට බිය වූ දැරිය සිද්ධිය කාටත් නොකියා ඇති නමුත් ඇය තමා මුහුණ දුන් අමිහිරි අත්දැකීම සිය දින පොතේ සටහන් කොට තිබෙනවා.
දැරියගේ මව එම සටහන කියවීමෙන් අනතුරුව දියණියගෙන් විමසා සියල්ල හෙළිකරගෙන ඇති බව වාර්තා වෙනවා.
පසුව දැරියගේ මව දැරිය ද සමග පොලිසියට වෙත ගොස් පැමිණිලි කර ඇති අතර අදාළ කරාටේ ගුරුවරයා නීතිඥයෙකු මගින් පොලිසියට භාර වී තිබෙනවා.
No comments:
Post a Comment