ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවෙන් තරග දිනවන විශිෂ්ඨයා ඔහුය. වසර කිහිපයක පටන් සිය පන්දුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වගකීම සිය කර මතට ගත් රංගන හේරත් ඉන්දියානු ක්‍රිකට් වෙබ් අඩවියක් සමග එක් වෙමින් සිය ක්‍රිකට් ජිවීතයේ බොහෝ රස මුසු තැන් බෙදා හදා ගෙන තිබුනා.
එම සංවාදයේ සිංහල අනුවාදය පහතින්,
කොහොමද ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු 400 ක් ගත්තම තියන හැගීම.?
ඇත්තටම ලොකු සතුටක් තියෙන්නේ,කඩුලු 400 ක් ගන්නවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි.මම මුලින්ම කණ්ඩායමට එන්නේ 1999 දී ඒ අවුරුදු 21 දී,ඊට පස්සේ මම කාලයක් කණ්ඩායමෙන් එළියේ හිටිය.මම දැනගෙන හිටිය වයස 21 දී කණ්ඩායමට එන්න මට මොනවා හරි විශේෂ හැකියාවක් තිබුන කියල.ඒ වගේම මම දැනගෙන හිටිය මට අවස්ථාව අහිමි වෙද්දීත් මට නැවතත් අවස්ථාව හිමි වෙනවා කියල.ඒ විශ්වාසෙ එක්ක ආපු ගමනක ප්‍රතිපල තමයි මේ තියෙන්නේ.
පහුගිය දවස් වල කණ්ඩායම පරාජයට පත් වෙද්දී කණ්ඩායමට ලොකු විවේචන වගේම විරෝධයකුත් ආව නේද,මේකද කණ්ඩායම මුහුණ දුන් නරකම කාලය.?
මම 1999 ඉඳන් ක්‍රීඩා කරද්දී මේ වගේ අත්දැකීම් වලට මුහුණ දීල තියනවා.මම කණ්ඩායමට එද්දී 1996 ලෝක කුසලානය දිනාගෙන තිබුන උදාමය එක්ක ප්‍රේක්ෂකයන්ට ඕන උනේ,හැම තරඟයම දිනන්න.ඊට පස්සේ T20 ලෝක කුසලානේ දිනුවට පස්සෙත් එහෙමයි.ඒක ඉතින් සාමාන්‍ය දෙයක්.කාටත් ඕන අපි දිනනවා දකින්න ඒ වගේම ඉස්සරහට යනවා බලන්න.
සනත් නායකත්වය දරද්දීත් ,මහේල නායකත්වය දරද්දීත් චන්දිමාල්….. නායකත්වය දරද්දීත් ඔබ කණ්ඩායමේ හොඳ සාමාජිකයෙක් කොහොමද ඒ දැනෙන හැගීම?
ශ්‍රී ලංකා කණ්ඩායම වගේ කණ්ඩායමක සෙල්ලම් කරනවා කියන්නේ ලොකු වාසනාවක්.අපි කවුරුත් එකා වගේ .අපි කණ්ඩායමක් විදියට සෙල්ලම් කරද්දී අපිට දැනෙන්නේ අපි තියන වාර්තා වලට වැඩිය කණ්ඩායම ලබා ගන්නා ජයග්‍රහණ වලදී දැනෙන සතුට වැඩි පුරම.
ඔබ 2009 නැවත කණ්ඩායමට ආපු දවසේ ඉඳල සහභාගී වුන තරඟ 71 කදී කඩුලු 369 ක් දවාගෙන තියනවා.මේ කාලේ ඔබට වැඩිය කඩුලු අරගෙන තියෙන්නේ එංගලන්තේ ජේම්ස් ඇන්ඩසන් විතරයි ?
ඔව්,මට කණ්ඩායමේ අවස්ථාව ලැබුනේ මුරලිගේ සමුගැනීම එක්ක.ඒක මගේවත් කාගේවත් වරදක් නෙවෙයි.මොකද ඒ වගේ පන්දු යවන්නෙක් ඉද්දි අනිත් අයට ගොඩක් වෙලාවට අවස්ථාව ලැබෙන්නේ නෑ.අපි වෙන රටක සෙල්ලම් කරද්දී කොහොමත් එක දඟ පන්දු යවන්නෙක් එක්ක තමයි තරඟයට යන්නේ.ඒ නිසා හොඳම දේ තමයි පස්සට යන්නේ නැතුව තමන් ගැන විශ්වාසය තියාගෙන අවස්ථාව ලැබෙනකම් තමන්ගේ දක්ෂතා වල උපරිමේ ඉන්න එක.
2004 දී මුරලි ආභාදයකට ලක් වෙලා දකුණු අප්‍රිකාවට එරෙහිව ඔබ හොඳ ටෙස්ට් දක්ෂතාවක් පෙන්වන කම් ලංකාවේ තිබුන අන්තර් පළාත් තරඟාවලියේ වත් ඔබට හරි හැටි අවස්ථාව ලැබුනේ නෑ නේද?
ඒ තරඟාවලියට ක්‍රීඩා කලේ හොඳම කණ්ඩායම් ඒ වගේම කණ්ඩායම ඇතුලේ හොඳ තරඟයක් තිබුනා.මම ක්‍රීඩා කල කණ්ඩායමේ නායකයා මහේල,මට අමතරව මගේ සංචිතයේ උපුල් චන්දනත් කුමාර ධර්මසේනත් දඟ පන්දු යවන්නෝ විදියට හිටිය.ඉතින් ගොඩක් වෙලාවට දඟ පන්දු යවන්නෝ දෙකක් තමයි කණ්ඩායමේ සෙල්ලම් කලේ.ඉතින් ගොඩක් වෙලාවට මට වඩා හොඳ පිතිකරුවෝ වුන උපුල්ටයි,කුමාර ටයි ඒ අවස්ථාව ලැබුන.එතන වැදගත් දේ තමයි මට අවස්ථාව නොලැබුන එකට වඩා ඒ වෙලාවේ අපේ ක්‍රීඩකයෝ අතර තිබුන තරඟකාරීත්වය.
2009 එංගලන්තයේ ඉඳල ඔබ ලංකාවට එන වෙලාව වෙද්දී ඒ කාලේ හිටපු දඟ පන්දු යවන්නෝ වුන අජන්ත මෙන්ඩිස්,සුරාජ් රන්දීව්,මාලිංග බණ්ඩාරලා එක්ක ඔබට හිතුනද කණ්ඩායමේ තැනක් ගන්න පුළුවන් වෙයි කියල ?
ඒ වෙද්දී මම ශ්‍රී ලංකා ක්‍රිකට් එක්ක කොන්ත්‍රාත් තිබුනෙත් නෑ,ඒ වෙලාවේ හිටපු සභාපති අසන්ත ද මෙල් මට අවශ්‍ය දේවල් හදල දුන්න,මම ලංකාවේ ක්‍රිකට් එක්ක දිගු කාලීනව ක්‍රීඩා කරන බවට විශ්වාසයක් ඒ වෙලාවේ මට දුන්නා.
2009 ඔබට නැවත කැඳවීම් ලැබෙද්දී ඔබ ඉන්නේ එංගලන්තේ,ඒ වෙද්දී ටෙස්ට් තරඟය පටන් ගන්නත් පැය 48 ක් වගේ ඉතුරු ,කොහොමද ඒ අත්දැකීම.?
ඔව් ,මම එංගලන්තේ ඉද්දි මට call 1ක ආවේ සංගක්කාරගෙන්,සංග මට කිව්වා මුරලි දනිස්සේ ආභාදයක් වෙලා ඉන්නේ,අනිද්දා තියන ටෙස්ට් තරඟයට මට සෙල්ලම් කරන්න පුලුවන්ද කියල.මම දෙපාරක් හිතන්නේ නැතුවම හා කිව්වා.ඒ වෙලාවේම මගේ ලංකාවට එන ගමන සුදානම් කරලා ලංකාවට ආව.
මොකද ඒ තරඟයේ දී වුනේ,තරඟයේ අන්තිම දිනය වෙනකන් ඔබගේ කැඳවීම ගැන ප්‍රශ්න කරපු අය හිටිය නේද?
ඇත්තටම මට ඒ තරඟයේ මොනවා හරි කරන්නම ඕන වුනා.කණ්ඩායමේ තැන හදා ගන්න නම්.ඒ වෙලාවේ චන්දික හතුරුසිංහත් අපි එක්ක හිටිය ,එක මට ලොකු හයියක් වුනා,මොකද අපි දෙන්න ගොඩක් කල් එකට සෙල්ලම් කරලා තිබුන.අපි පාකිස්ථානයට අවසන් ඉනිමේ ලකුණු 168 ක ඉලක්කයක් දුන්නේ.මට මතක විදියට හතරවෙනි දවස ඉවර වෙද්දී පාකිස්ථානය ලකුණු 67/1 අරගෙන හිටිය,ඊළඟ දවසේ උදේම මම මොහොමඩ් යුසුප් දවා ගත්ත,ඊට පස්සේ සල්මන් බට් මට වැරෙන් පහර දෙන්න ගිහින් දැවී ගියා,අන්තිමට අපි තරඟය දිනුවා.
ඔබට සංගක්කාරගෙන් ලැබුන සහය කොහොමද?
ඇත්තටම සංග පාසල් යන කාලේ ඉඳලම මම ගැන දන්නවා.ගොඩක් පීඩනයෙන් ඉන්න වෙලාවට ඔහු උදව් කරලා තියනවා.මම කණ්ඩායමට කැඳවන තීරණය පිටිපස්සේ හිටියෙත් සංග,ඒ වෙලාවේ මම අසාර්ථක වුනානම් සංගට ප්‍රශ්න වලට මුහුණ දෙන්නත් වෙන්න තිබුන.
2011 දකුණු අප්‍රිකාවේදී කණ්ඩායම දිනද්දී,2014 එංගලන්තයේ ජය ගනිද්දී දැන් ඩුබායි වල සුවිශේෂ ජයග්රහණයේදී ඔබ ලොකු දෙයක් කරනවා.මොකද ඒ ගැන හිතන්නේ.?
ඇත්තටම දකුණු අප්‍රිකාවේ දී අපි පළමු තරඟය පැරදිලා හිටියේ. ඒ වෙලාවේ පුහුණු කරුවා හිටපු ජෙෆ් මාෂ් අපිට තරඟය දිනන්න කරන්න ඕන දේ කිව්වා.මට පුළුවන් උනා ඒ තරඟයේදී.කඩුලු 9ක් ගන්න.ඒ වගේම ඒ දිනුම පිටිපස්සේ අලුත් පන්දුවෙන් කදුලු 5ක් ගත්ත චානක වෙලගෙදර,ශතකයක් ගත්ත සංග ,සමරවීර වගේම තමන්ගේ පලවෙනි තරඟයට ක්‍රීඩා කරලා ඉනිම දෙකේම ශතක ගත්ත චන්දිමාලුත් හිටිය.මොකද ඒ වෙලාවේ ස්ටේන්,මෝකල්,දී ලන්ගේ සහ කලිස් වගේ හොඳ පන්දු යවන්නෝ දකුණු අප්‍රිකාවට සෙල්ලම් කළා.
2014 එංගලන්තයේ ටෙස්ට් තරඟය ජයගන්න ඔබ පිතිකරුවෙක් විදියට ලොකු දෙයක් කලා ?
ඒ තරඟයේ එංගලන්ත පළමු ඉනිම අපිට වැඩිය ලකුණු 108ක් ඉස්සරහින් හිටියේ.මම දෙවැනි ඉනිමේ බැට් කරන්න එද්දී අපි ලකුණු 277/7 වෙලා හිටියේ.මට ඇන්ජලෝ කිව්වේ අපි පුළුවන් තරමක් ලකුණු ගන්න ඕන කියල.ඇන්ජලෝ තනියම ගහන්න ගියේ නෑ.මගේ ගැනත් විශ්වාසෙ තියාගෙන සෙල්ලම් කලේ,මමත් හිතුව ලකුණු 250 ඉලක්කයක් දුන්නොත් අපිට දින්නත පුළුවන් කියල.අපි දෙන්න ඒ තරඟයේදී ලකුණු 149 ක සම්බන්දතාවයක් තිව්ව.එංගලන්තයට ලකුණු 350 ක ඉලක්කයක් දීල තරඟයත් දිනුවා.
අබුඩාබි වලදී පාකිස්ථානය ඉස්සරහ ලකුණු 136 ක් ආරක්ෂා කරන්න තිබුනේ කොහොමද දැනුන අභියෝගය?
දිනන්න ගන්න ඕන ලකුණු ගණන අඩු වෙද්දී,අමතර පීඩනයක් දැනෙනවා.ඒ වගේම අපිත් එක ලකුණක් ආරක්ෂා කරන්නත් ලොකු මහන්සියක් වෙනවා.මේවත් එක්ක ලකුණු ගණන අඩු වෙද්දී අපේ තියන උනන්දුව නිරායාසයෙන්ම වැඩි වෙනවා.
No comments:
Post a Comment