අභිෂේකාගේ වරද ඇය සංගීත විශාරදවරියක් වීමද? නැත්තම් බනින්නේ රැල්ලටද? - SL Gossip 24

SL Gossip 24

හතර වටෙන් අැහෙන ගොසිප් එකම තැනකින්..

Post Top Ad

Responsive Ads Here

Sunday, October 15, 2017

අභිෂේකාගේ වරද ඇය සංගීත විශාරදවරියක් වීමද? නැත්තම් බනින්නේ රැල්ලටද?


ප්‍රවීණ කලාකරු සුනිල් විමලවීරයන්ගේ ආදරණිය දියණිය වූ කලා ක්ෂේත්‍රයේ ගායිකාවක් වගේම නිවේදිකාවක් වෙන අභිෂේකා විමලවීර මේ දවස් වල සිරස නාලිකාවේ විකාශනය වන ජූනියර් සුපර් ස්ටර් හි විනිසරුවරියක් ලෙස කටයුතු කරන බව අපි සැවොම දන්නා කාරණයකි.
පසුගිය දවස් වල සමාජ මාධ්‍ය ඔස්සේ ඇයව දැඩි ලෙස විවේචනය වන්නේ ඇමරිකානු රියැලිටි වැඩසටහනක් වන “The Voice” හි කොපියක් කරන සිරස තුලින්, අභිෂේකා විනිශ්ය මණ්ඩලයේ සිට කරන මවා පෑම සීමාව ඉක්මවා ගිය එකක් බවත්, ඇය පිටරට නිවේදිකාවන් මෙන් රඟ දැක්වීමට උත්සහ කරන බවයි.
ලංකාවේ කරන ගොඩක් දේවල් පිටරට කරන දේවල් වල කොපි වෙන්නැති. ඒත් මෙතනට එන්නේ ගොඩක් පොඩි ලමයි. ඒ ලමයින්ගේ අනාගතේ කොටසක් මෙතනදි හැදෙන්නේ. ඒ ලමයි මෙතනදි ලබන ජයග්‍රහණය ඒගොල්ලන්ට ගොඩක් වටිනවා.
ප්‍රෝග්‍රෑම් එක බැලුවනම් දකින්නැති මෙතනට ඇවිත් හිටියා අම්මයි තාත්තයි දෙන්නම නැති ලමෙයෙක්. ඒ අවස්ථාවේදී විනිශ්ය මණ්ඩලය හැසිරුණු අන්දම ඉතාම සංවේදනියයි.
දෙයක් විවේචනය කිරීමට කලින් එහි ඇති හොඳ පැත්ත අගයන්න පුරුදු උනානම් මීට වඩා හොදයි කියලා හිතෙනවා. අනික මෙතනට ඇවිත් හිටිය ජජ් බෝර්ඩ් එකේ මං පෞද්ගලිකව දකින වැරද්දක් නෑ. ඒගොල්ලෝ තමුන්ග් විනිශ්චය ඒ ලමයින්ට සාදාරනව දුන්නා. නමුත් වැඩිපුරම සමාජ මාධ්‍ය තුලින් අදහස් දක්වන්නේ මේ රියලිටි වැඩසටහන නොබලපු අය.
ලංකාව වගේ රටවල්වල තියන අඩුපාඩු මේවා. මිනිහෙක් දෙයක් කරාම ඔක්කොටම ඒකෙන් කොච්චර ලොකු සේවයක් වෙනවද කියලා හිතලා බලන්න . ඊට පස්සේ වැරදි හොයන්න . මෙතන අහින්සක ලමයි ගොඩකගේ දක්ශතා මේ ජජ් බෝර්ඩ් එක අගයනවා. ඒ වගෙම ඒ ලමයින්ට අනාගතේ ඉස්සරහට යන්න පාරක් හම්බවෙනවා.
දෙයක වැරැද්දක් හොයන්න කලින් ඒ දේ හොද කොච්චරක්ද කියලා හෙව්වනම් මේ වැඩසටහනේ හොද දේවල් ගොඩක් බලාගන්න තිබ්බා. ලංකාව වගේ රටවල් කවදාවත් දියුණු වෙන්නැත්තේ මේ වගේ පහත් සාරධර්ම හින්දා.
ඇය සංගීත විශාරධවරියක්, ආර්ථික විද්‍යාව පිලිබඳ ශාස්ත්‍රවේදිනියක්, ආයුරුවේද වෛද්‍ය ශිෂ්‍යාවක්, සියල්ලට වඩා වටිනා දේ ඇය සංගීතය පිලිබඳ මනා දැනුමක් ඇති යුවතියක්. එවන් චරිතයක්, ටිකක් ඉංග්‍රීසි කතා කරාම, හෝ ඕඩියන්ස් එක දිනාගැනීමට ටිකක් දඩබ්බර ලෙස හැසිරීම අපෙ අය විවේචනය කිරීම කෙතරම් සාදාරණද ?
බාගෙට ඇදූම් ඇදන් හෙලූව පෙන්නූවනම් ටිකක් ඉංග්‍රීසි නෙවෙයි නොතෙරුනත් අපේ සමහරුන්ට අවූලක් නැත. කෙනෙකුගේ ජිවිතයේ ඇති වටිනාකම හා දක්ෂතාවය ඇගයීම පැත්තකට තබා, සැබෑ ජිවිතයේ කෙනෙකුගේ චරිතය ගැන මෙලෝ සසරක් නොදැන සමාජ මාධ්‍ය තුලින් උලුප්පන සමහර කුණුගොඩවල් තුලින් කෙනෙකුට චරිත සහතික දීම සාදරණද ?
අවසාන වශයෙන් ඇයට බැන තිබුණු පොස්ට් එකක කමෙන්ට් එකක් ඔබට මෙසේ ගෙන එන්නට සිතුවෙමි,
” අඩෙි ඇයි බන් අපේ රටෙි දෙයක් පටන් ගත්තම ..කොපි කොපි කියල කෑ ගහන්නේ…
රටෙි දේ ඉදල හිටල හරි අගය කරපල්ලකො බන්…
The voice …ඒක රියල් එක කියල පිලිගන්නව…
අපේ රටෙත් ඒ වගේ දෙයක් පටන් ගත්ත..නම වෙනස්..
ඉතින් මොකද වෙන්නෙ බන්..
ඇයි බන් හැමවෙලේම පිට රට උන් උඩ තියල අපේ අන්ව පාතට දාල කතා කරන්නෙ…
මොන ජාතියක්ද බන් අපි…
විනිසුරු මඩුල්ලෙ තුන් දෙනාටම සුදුසුකම් නමි හොදටම තියෙනව..ඒ ගැන විවාද කරන්න බෑ කාටවත්…
මෙයාල ඉස්සරහ තරග කරන්න එන්නෙ පොඩි ලමයි..ඒ නිසා එයාල එහෙම හැසිරෙනව…එහෙමයි මම නමි දකින්නෙ…
ලක්ෂපති වැඩසටහන..
Youth with talent ..itn
ලඟදි සිරසෙ එන
Sri lanka got talent ..
America got talent,britain got talent වල කොපි වෙන්න ඇති..
ඒවටත් හිනා වෙයල්ල ඔය විදියටම….
මොන දෙයක් කරත් හොඳක් වෙන්නෙ අපේ මිනිස්සුන්ට නේද..ඒ ගැන සතුටු වෙයල්ලකෝ
විනිසුරු මඩුල්ලෙ ඇද හොයන් නැතුව..
දෙමාපියො දෙන්න ලඟ නැති දරැවෙක් ආව sing කරන්න…
ඒ ලමයව දිරි ගන්වල පෝස්ටි එකක් දාපන්කො…උබලට හෙන ගහනවද බලන්න . “

No comments:

Post a Comment

Post Bottom Ad

Responsive Ads Here