Apps විකුණා කෝටිපතියෙක් වූ ලංකාවේ තරුණයා! - SL Gossip 24

SL Gossip 24

හතර වටෙන් අැහෙන ගොසිප් එකම තැනකින්..

Post Top Ad

Responsive Ads Here

Tuesday, October 10, 2017

Apps විකුණා කෝටිපතියෙක් වූ ලංකාවේ තරුණයා!



                                                                         එදා මෙදා තුර ලෝකයේ සුවහසක් නිර්මාණයන්ට එහා ගියපු භෞතික නිර්මාණයන්හි සම්පූර්ණ හිමිකරුවා වන්නනේ මිනිසාය.වර්තමානයේ සිය අධ්‍යාපනය විශ්ව විද්‍යාලය තුලින්ම අවසන් කළ යුතු යැයි කෙනෙක් සිතන්නේ නම් එය නිවැරදි නොවේ.
ජීවිතය ජයගත්ත සියල්ලෝම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබුවෝ නොවේ.ඇතැම් විට සාමාන්‍ය පෙළවත් සමත් නොවූ පුද්ගලයින් අද කිසිවෙකුටත් ජයගත නොහැකි මට්ටමට ජීවිතය ජයගෙන ඇත
අද මේ කියන්න යන්නේ අන්න අවධානමක් එක්ක අලුත්ම ගමනක් පටන් ගත්ත තරුණයෙක් ගැනගමාතලේ විල්ගමුව කියන ගමේ ඉපදෙන ලසන්ත වික්‍රමසිංහ පියාගේ රැකිවේ ඇතිවන වෙනසත් සමඟ නුවරට එනවා.පුංචි ලසන්ත ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නේ මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයෙන්.ඉන් අනතුරුව පාසල් කිහිපයකටම යන ඔහු අධ්‍යාපනය අවසන් කරන්නේ
මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන්.
මේ කතාව පටන් ගන්නේ ලසන්ත ගණිත අංශයෙන් උසස් පෙළ හදාරලා එයින අසමත් වීමත් සමඟයි.එතැනින් පරාජය භාර ගන්නේ නැති මේ තරුණයා
ආයෙත් උසස් පෙළට ලියනවා.ඒත් එමවරත් ඔහු උසස් පෙළ අසමසත් වෙනවා.ඉන් අනතුරුව කරන්න කිසිම දෙයක් නැතුව ඉන්න ලසන්ත කළමනාකරණ විභාගයකට ලියලා 2006 දී ඒ රැකියාවට බැඳෙනවා
ඒත් ඔහුගේ හිත කියන්නේ ඔහුගේ නැවතුම මෙතන නෙමේ කියලා.
මේ නිසා රැකියාව කරන අතරතුර ඔහු අන්තර්ජාලය තුළ සැරිසැරුවේ මොන යම් හෝ පොටක් පාදාගැනීමේ බලාපොරොත්තුවෙන්
ඒ කාලේ වෙනකො අන්තර්ජාලයෙන් මුදල් හොයන එක ලංකාවට අලුත් දෙයක්.මේ නිසා මිනිස්සු ඒ දිහා බැලුවේ හරිම අවිනිශ්චිතභාවයකින්.ඒත කවුරු මොනා කිව්වත් ලසන්ත වැඩි වැඩියෙන් ඒ ගැන හොයන්න පටන් ගත්ත.
මුලින් ටිකෙන් ටික සුලු ආදායමක් උපයන ලසන්තට මේ ගැන ලොකු උනන්දුවක් වගේම ආසාවක් ඇති වෙනවා.මේ නිසා පරිගණක හෝ අන්තර්ජාල කටයුතු පිලිබ මහා ලොකු දැනුමක් නොතිබුණ ලසන්ත තනියම මේ ගැන හොයමින් ඉගෙන ගන්න පටන් ගන්නවා
ඔහු ඉන් අනතුරුව අන්තර්ජාලය හරහා විදේශ රටවලට යම් යම් සේවාවන් සපයනවා.ඔබත් මමත් සමහර වෙලාවට යම් යම් දේවල් අතාරිනවා අනේ මටනම් එක කරන්න බෑ කියලා.ඒක තමා අපේ ලොකුම දුර්වලකම.හැබැයි ලසන්ත එහෙම අධෛර්යමත් උනේ නෑ
ලංකාවට අලුත් දෙයක් උන අන්තර්ජාල ඉපයීම් ගැන කියලා දෙන්න කෙනෙක් හිටියෙත් නෑ ඔහු තනියම මේ ගැන හොයලා ඉගෙනගන්නවා.
ඔහු කියන විදිහට මේ අන්තර්ජාල ඉපයීම මහා ලොකු අමාරු වැඩක් නෙමේ.මෙතැනදී කරන්නේ විදේශීය ආයතනය ඉල්ලන සේවාවන් අපි විසින් සපුරා දෙන එක.ඒ අය ඒකට කැමති නම් අපිට ඒ වෙනුවෙන් මුදලක් හිමිවෙනවා
ලසන්ත මේ වෙනකොට යුරෝපය,ඇමරිකාව,ඕස්ට්‍රේලියාව යන රටවල් සමඟ ආයතනික ගිවිසුම් වලට එළඹිලා ඉන්නවා.ඔවුන්ට අවශ්‍ය කරන තාක්ෂණික සේවාවන් ලසන්ත ඒ නියමිත් කාල සීමාව ඇතුළත ඉටු කරලා දෙනවාගඔවුන් ඉල්ලන සේවාවන් වලට අමතරව ඔහු නිපදවන
Apps වලට එහි වෙළඳපොලේ වැඩි වටිනාකමක් ලැබෙනවලු.Apps වලට අමතරව Web Site Develop කරන එකත් ඔහු විසින් සිදු කරනවා.
ලසන්ත මුලින්ම උපයලා තිබුණේ ඩොලර් 5ක් වගේ සුලු මුදලක් ඒත් දැන් වෙනකොට එක් සේවාවක් යූරෝ 9000කට පවා අලවි කරන මට්ටමට ඔහු දියුණු වෙලා තියෙනවා.මේ වෙනකොට ඔහු ගාල්ල,නුවර යන නගරවල ඔහුගේ ව්‍යාපාරය ආරම්භ කරලා ඉවරයි.
ඔහුගේ මෙම දියුණුව ගැන ඔහු කියන්නේ මෙන්න මේ විදිහටයි.
“ඇත්තටම අද මම මේ තත්වයට ආවේ උසස් පෙළ විභාගය ෆේල් වෙලා අන්තර්ජාලය ගැනවත් කිසිම දැනුමක් නැතුව.ඒත් මට කියන්න ඕනෙ මට වඩා දැනුම තියෙන අය මීට වඩා දේවල් කරන්න පුලුවන්.දැනුමට වඩා මිනිස්සුන්ට අවශ්‍ය වෙන්නේ උන්දුව විතරයි”
තාරුණ්‍යය කියන්නේ නිකරුණේ ගෙවලා දාලා ඉවර කරන දෙයක් නෙමේ ඒක අර්ථවත් විදිහට අවසන් කරන්න ඕනේ දෙයක්.
තවම ඔබ පරක්කු නැතුව ඇති අලුත් තැනකින් ජීවිතේ පටන් ගන්න...
(උපුටා ගැනීම:- ඉරිදා ඇපල්)

No comments:

Post a Comment

Post Bottom Ad

Responsive Ads Here