ජංගම දුරකතනය තුළ සටහන් තිබූ ඔහුගේ සියදිවි නසාගැනීමේ වීඩියෝව පොලීස් පරීක්ෂණවලදී හමුවුණා! - SL Gossip 24

SL Gossip 24

හතර වටෙන් අැහෙන ගොසිප් එකම තැනකින්..

Post Top Ad

Responsive Ads Here

Tuesday, October 10, 2017

ජංගම දුරකතනය තුළ සටහන් තිබූ ඔහුගේ සියදිවි නසාගැනීමේ වීඩියෝව පොලීස් පරීක්ෂණවලදී හමුවුණා!

ගෙල වැලලාගත් ජනප්‍රිය රංගන ශිල්පී දසුන් නිශාන් තමා මියයන අවස්ථාව සම්පූර්ණයෙන්ම වීඩියෝ ගත වන ලෙස සිය ජංගම දුරකථනය සකසා ඇති බව අනාවරණය වී තිබෙනවා.
එම ජංගම දුරකතනය තුළ සටහන් තිබූ ඔහුගේ සියදිවි නසාගැනීමේ වීඩියෝව පොලීස් පරීක්ෂණවලදී හමුවුණා.ඔහු දෙවරක් ගෙළ වැලලා ගැනීමට තැත් කර ඇති බව එම වීඩියෝ දර්ශනවල සටහන් වී තිබෙනවා.
සිය නවාතැන් කාමරයේ තිබූ විදුලි පංකාවෙහි ළණුවක් ගැට ගසා ඇති ඔහු පළමු අවස්ථාවේ දී සියදිවි නසාගැනීමේ උත්සාහය ව්‍යර්ථ වී බිම ඇදවැටෙන අයුරු ද එහි සටහන් වී ඇති බව පැවසෙනවා.
අනතුරුව ටීපෝවක් මත නැග නැවත වරක් තොණ්ඩුව තුළට හිස ඇතුළු කරගන්නා ඔහු විනාඩි කිහිපයක් පමණ සන්සුන්ව කල්පනා කරන අයුරු ද අදාළ වීඩියෝවේ සටහන් වී ඇති අතර ඉන් පසු ටීපෝවෙන් පැන සියදිවි නසාගන්නා ආකාරය පටිගත වී තිබෙන බව දසුන්ගේ හිතවත් රංගන ශිල්පියෙකු සඳහන් කරනවා.
එමෙන්ම ඔහු සිය දිවි හානි කර ගන්නා බවට ලිපියක් ද ලියා ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.
සිය දිවි හානි කර ගැනීමට කිසිදු බාහිර පාර්ශවයකගේ බලපෑමක් නොමැති බවටයි එමගින් ඔහු සඳහන් කර ඇත්තේ.
පන්නිපිටිය, පැලැන්වත්ත ප්‍රදේශයේ පිහිටි සිය නවාතැනෙහි ඔහු මෙලෙස සිය දිවි නසාගත් අතර ඔහු සමඟ තවත් රංගන ශිල්පීන් දෙදෙනෙකු එම නවාතැන්පොලේ වාසය කරන බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත් දසුන් සියදිවි නසාගෙන ඇත්තේ නවාතැනෙහි කිසිවෙකු නොසිටි අවස්ථාවක යි.
පන්නිපිටිය ප්‍රදේශයේ රූගත කිරීමකට සහභාගී වූ වෙනත් රංගන ශිල්පියෙකු ඔහු හමුවීමට එම නවාතැන්පොලට පැමිණි අවස්ථාවේදී නිවසේ දොර ජනෙල් වසා තිබෙනු දැක ඇති අතර පසුව ඔහු එම නිවසට පිටුපසින් ගොස් ජනේලයකින් බැලූ විට දක්නට ලැබී ඇත්තේ විදුලි පංකාවක එල්ලෙමින් තිබූ දසුන්ගේ සිරුර යි.
මෙම සියදිවි නසාගැනීම පෙම් සබඳතාවක් හේතුවෙන් ඇති වූ හිත් තැවුලක් නිසා සිදුකරගෙන ඇති බවට මූලික පරීක්ෂණ වලදී හෙළි වූ බව පොලීසිය සඳහන් කර තිබුණා.කෙසේ වෙතත් දසුන් ඔහු ආදරය කළ යුවතිය සමග විවාහ ගිවිසගෙන ද සිටියා.

No comments:

Post a Comment

Post Bottom Ad

Responsive Ads Here