උපන් දා සිට දෙමව්පියන්ගේ අරමුණ සහ හීනය වන්නේ අධ්‍යාපනයේ හිනි පෙත්තටම ගොස් සමාජයේ ගුණ ගරුක පුද්ගලයකු ලෙස දරුවන්ව දැකීමය. දෙමව්පියන්ගේ පෝෂණය වී ඔවුන් ගේ සිහින සෑබෑ නොකිරීමට අපොහොසත්නම් දරුවෙකු ලෙස ඔබ දෙවරක් ඒ ගැන සිතිය යුතුය. මේ කියන්න යන්නේ අම්මාගේ තාත්තාගේ පුංචි හීනයක් මල් ඵල ගැන්වූ දියණියක් පිළිබඳවයි.
කුසට අහාර නොගෙන තම දෙමව්පියන් මෙම දියණියගේ අධ්‍යාපනයේ අඩිතාලම සැකසූ ආකරාය පිළිබඳව අපූරු කවි පෙළක් සමාජ මාධ්‍යජාලයේ හුවමාරුවෙමින් පවති. මේ දියණිය උපාධිය ලබා ගත් අවස්ථාවේ ඇයගේ මව ජීවත්ව නොසිටියත් මව කළ කැපවීමට මෙලෙස කවියකින් ගෞරවය ලබා දෙන්නේ මව ජීවතුන් අතර සිටියානම් ලබා ගත් ජයග්‍රහණයේ සතුට ඇයට හිමි විය යුතු බව පෙන්වා දෙමින්ය. මේ එම අපූරු කවි පෙළ සහ ඡායාරූපයයි.
…සතුට සහ කඳුල….
කට්ට කාගෙන ඉගෙන ගත්තෙමි
කකුල් දෙක වතුරේ ඔබං
කන්න හරිහැටි නැතිවුනත් බඩ
සමච්චල්කල හැටියත් දරං
අම්මා අප්පා නොවිඳිනා දුක්
වින්ඳ හැටි මහමෙර තරං
ගමට ආවෙමි හෙටක් උදෙසා
උපාධිය තුරුලට අරං
හිනා විතරක් මගේ මුවගේ
අනේ රැඳිලා තිබුනානං
කවරදාවත් කඳුලු එන්නෑ
අම්මේ අද නුබ උන්නානං
බඩට වේලක් නොකා මගෙ මග
මේතරම් දුර හැදුවානං
කොච්චරක් සතුටුයිද අම්මේ
අනේ නුබ අද හිටියානං
citizen.lk
No comments:
Post a Comment