සමලිංගිකත්වය, සමලිංගික විවාහය සහ ප්‍රජාවගේ මානුෂීය අයිතිවාසිකම් පිළිබඳව මේ වනවිට ශ්‍රී ලංකා සමාජය තුල දැඩි ලෙස කතාබහට ලක්වෙමින් තිබේ.
සමලිංගික විවාහ නීතිගත කල යුතු බවට කෙරෙන ඉල්ලීම මෙන්ම එයට විරුද්ධව ගොඩනැගෙන සදාචාරවාදී මහජන මතයද එක හා සමාන ලෙස ප්‍රභලයි.
තවමත් සමලිංගික ප්‍රජාව ගැන අවඥාවෙන් බලන ශ්‍රී ලංකාව වැනි රටක තමන් සමලිංගිකයෙක් යැයි ප්‍රසිද්ධියේ කියන්න පුලුවන් අය බොහෝ අඩුයි.
සෆ්රාන් මොහොමඩ් නමැති රාජගිරියේ පදිංචි තරුණයා තමන් සමලිංගික පුද්ගලයෙකු බව පැවසීමට කිසිදු ලෙසකින්වත් ලජ්ජාවට හෝ බියට පත්වන්නේ නැහැ.
කලකට ඉහතදී ඔහු ඔහු වැනිම සමලිංගික තරුණයෙකු සමඟ සම්බන්ධයක් පැවැත්වූ අතර එය ෆේස්බුක් සමාජ ජාලය තුල යම් තාක් දුරකට විවේචනයටද ලක් විය. නමුත් ඒ සම්බන්ධය මේ වනවිට කැඩි ගොස් ඇති අතර ඔහු විවාහ වීමේ බලාපොරොත්තුවෙන් සහකරුවකු සොයා ප්‍රසිද්ධියේම සිය ෆේස්බුක් ගිණුමේ මංගල යෝජනාවක් පළ කර තිබේ.
බොහෝ විට මෙය ප්‍රසිද්ධියේ කෙරෙන ලංකාවේ පළමුවන සමලිංගික විවාහ යෝජනාවයි.
නමුත් සෆ්රාන්ට සහකරුවකු හමුවුවත් ඔහු සමඟ විවාහ වීමට නීතියෙන් ඉඩක් නෑ. ඒ සඳහා එම දෙපළට යුරෝපීය රටකට යායුතු වන අතර සමලිංගිකත්වය නීතිගත කිරීමට අනුග්‍රාහකත්වය දක්වන විදේශ තානාපති කාර්යාලද ඒ සඳහා ඔවුන්ට සහාය ලබා දෙනු ඇත.
නමුත් සෆ්රාන්ට සහකරුවකු හමුවුවත් ඔහු සමඟ විවාහ වීමට නීතියෙන් ඉඩක් නෑ. ඒ සඳහා එම දෙපළට යුරෝපීය රටකට යායුතු වන අතර සමලිංගිකත්වය නීතිගත කිරීමට අනුග්‍රාහකත්වය දක්වන විදේශ තානාපති කාර්යාලද ඒ සඳහා ඔවුන්ට සහාය ලබා දෙනු ඇත.
සෆ්රාන්ගේ ජායාරූප කිහිපයක් ඔබට පහතින් නැරඹිය හැක.
(මෙම ප්‍රවෘත්තිය සෆ්රාන් හෝ ඔහුගේ පවුලේ කිසිදු සාමාජිකයෙකු, හිතවතෙකු අපහසුතාවයට පත්කිරීමට පළකරන ලද්දක් නොවන අතර ලංකාවේ මේ වනවිට වර්ධනය වෙමින් පවතින් සමලිංගික අයිතීන් පිළිබඳ ප්රවණතාවයන් පිළිබඳව සමාජය දැනුවත් කිරීමේ අදහසින් පළකරන ලද්දක්ය. කරුණාකර සෆ්රාන්ට හෝ ඔහුගේ සමීප හිතවතුන්ට අපහාසවන ආකාරයෙන් අදහස් පළකිරීමෙන් වළකින්න )
No comments:
Post a Comment